ප‍්‍රමාණය එසේ වුවද, නැණෝ තාක්‍ෂණික නිමැයුම් හා ද්‍රව්‍ය ගැන සලකා
බැලීමේ දී, ඒවායේ වු සැහැල්ලූ බව, ශක්තිමත් බව, විනිවිදභාවය සහ
කි‍්‍රයාශීලිභාවය, ඉක්මන් ප‍්‍රතික‍්‍රියාකාරීභාවය වැනි ගුණාංග සහ වෙනත්
ද්‍රව්‍ය හා මිශ‍්‍ර කිරීමෙන් පසු එකී ද්‍රව්‍යයන්ට ලබාදෙන අතිමහත් ශක්තිය
හා කාර්යක්ෂම බව නැණෝ තාක්‍ෂණය කෙරේ ලෝකයේ ම අවධානය යොමු වීමට හේතු විය.
- වර්ෂ 2015 දී සපුරා ගත යුතු ඉලක්ක කේන්ද්‍රකොට ගනිමින් වර්ෂ 2010 දී ජර්මනිය දියත් කළ පස් අවුරුදු නැණෝ තාක්‍ෂණ අභිවෘද්ධි කි‍්‍රයාන්විතය සඳහා වෙන් කරන ලද මුදල යුරෝ මිලියන 400 කි. මෙම මුදල නැණෝ තාක්‍ෂණය වැඩි දියුණු කිරීම උදෙසා බටහිර යුරෝපීය රටක් වෙන්කළ විශාලම මුදල සේ සැලකේ.
- බලශක්තිය, දේශගුණය, සෞඛ්‍යය සහ ආහාර, ආරක්‍ෂාව සහ සංචලනය (mobility) යන ක්‍ෂ්ත‍්‍රයන්හි සංවර්ධනය සහ අධි තාක්‍ෂණික උපාය මාර්ග වැඩි දියුණු කිරීම, නැණෝ තාක්‍ෂණික ක‍්‍රමවේදයන් තුළින් තම දේශය වෙත දිනා ගැනීම එහි අපේක්‍ෂාව යි.
- ජර්මනිය හැරුණ විට නැණෝ තාක්‍ෂණය උදෙසා විශාල මුදලක් වාර්ෂිකව වෙන් කරනු
ලබන අනෙක් රට වන්නේ චීනයයි. එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි.
රුසියාව වාර්ෂිකව ඩොලර් මිලියන 25 ක් ද, අපේ අසල්වැසි ඉන්දියාව වසරකට ඩොලර්
මිලියන 23 ක්ද, නැණෝ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැය කරයි.
No comments:
Post a Comment